Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹෙයි!
Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ (31) රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙදින පැවති සමාරම්භක අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, සබරගමුව පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මෙම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ (31), අද (සැප්තැම්බර් 01) සහ හෙට (සැප්තැම්බර් 02) යන තෙදින පුරා පැවැත්වේ.
කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරන අතර මෙවර පැවැත්වෙන්නේ මෙම ප්‍රදර්ශනයේ තෙවන අදියරයි.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විශාල ව්‍යවසායකයින් පිරිසක් මීට එක්වූහ.
ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, පෝලන්තය ඇතුළු රටවල් රැසක ව්‍යවසායකයින් මීට එක්ව සිටියහ.
ඉහළ වටිනාකමකින් යුත් මැණික්, මැණික් ආශ්‍රිත නිෂ්පාදන සහ ස්වර්ණාභරණ මෙහිදී ප්‍රදර්ශනයට මෙන්ම අලෙවිය සඳහා ද ඉදිරිපත් කර තිබුණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය යූ. ඩී. එස්. ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්මකුමාර, වෛද්‍ය ජනක සේනාරත්න, ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
