විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වනවා – ඇමති නලින්ද
පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ රතු නිවේදන සීත සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙක්ද රතු නිවේදන නොමැති සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් අපරාධවලට අවශ්‍ය පුද්ගලයන් 38දෙනෙකු ලෙස සමස්ත අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මීට අමතරව රජය බලයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන 110ක් ලබා ගෙන ඇති අතර මින් 55 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන අතර 35 දෙනෙකු විදෙස් රටවල ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන ඇති බවත් එම රටවල්වලින් මෙම අපරාධකරුවන් මෙරටට එරැගෙන ඒමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
