වසර ගණනාවක් මගී ගමනාගමනයට බාධාවක්ව අබලන්ව තිබූ තේක්කවත්ත පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ වසර ගණනක සිට ගිලා බැසීම නිසා අබලන්ව තිබූ පොල්පාගොඩ තේක්කවත්ත පාලමේ ඉදිකිරීම් කටයුතු මෙසේ (31දා) ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංක යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දකුණු පළාත් ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනා අතර මීට රුපියල් මිලියන 182ක මුදලක් ආයෝජනය කර ඇති අතර දිගින් මීටර් 14.5ක් සහ පළලින් මීටර් 6ක් යුක්තව මෙම පාලම ඉදිකිරීමට සැලසුම් කළ ඇත.

මෙහි සමාරම්භක අවස්ථාවට වලවේ ශ්‍රී ශේතබිම්බාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය බඹරවානේ රතනජෝති ස්වාමින්වහන්සේ,යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජලී මෙනවිය ඇතුළු නිලධාරීන්,යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද කාරියවසම් මහතා ඇතුළු නිලධාරී සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *