එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම සහ පූර්ව සූදානම්වීම් සිදුකරනවා – කැබිනට් ප්‍රකාශක

එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යංශ කිහිපයක් මැදිහත් වී පූර්ව සූදානම්වීම් සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දැනට පවතින තොරතුරු අනූව මෙම නියඟ තත්ත්වය ලබන වසරේ මුල් මාස කිහිපයේදී මීට වඩා වර්ධනය විය හැකි බවට තොරතුරු වාර්තා වී ඇතැයිද, ඒ අනූව දැනට පවත්නා ජල මූලාශ්‍ර පිරිසිදු කරගැනීමටත් නළ ලිං ප්‍රතිසංස්කරණය ආදී ජල මූලාශු කටයුතුවලටත් අමතර මුදල් ප්‍රමාණයක් දිස්ත්‍රික්කවලට ලබාදී ඇතැයිද පැවසුවේය.

මේ වන විට බලපෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 27ක් හඳුනාගෙන ඇතැයිද අගෝස්තුමාසය අවසන් වන විට වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්  දිස්ත්‍රික්ක 06ක පවුල් 27,175ක පුද්ගලයින් 86,788ක් සදහා පානීය ජලය බෙදාහැරීමේ අවශ්‍යතාවයක් පවතින බවද අවධාරණය කළේය.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් එල්නිනෝ බලපෑම නිසා උද්ගතව ඇති වියළි කාලගුණ තත්ත්වයෙන් හානිවූ වගාවන්ට ප්‍රථම අදියර ලෙස රුපියල් මිලියන 3000ක් වන්දි වශයෙන් කඩිනම් වැඩපිලිවෙලක් යටතේගෙවීමට කටයුතු කරන බවද සදහන් කළේය.

වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග සදහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් බැගින් එක් ගොවි මහතෙකුට උපරිම අක්කර 05ක් දක්වා මෙහිදී වන්දි හිමිවන බවද පැවසුවේය.

දැනට හානියට පත්වූ අක්කර ප්‍රමාණයන් වශයෙන් අනුරාධපුර අක්කර 1923ක්, මොනරාගල 1401ක්, පොළොන්නරුව 1259ක්, අම්පාර 1055ක්, හම්බන්තොට 783ක් හඳුනාගෙන ඇතැයිද එමදිස්ත්‍රික්කවල ගොවීන් 7000කට ආසන්න සංඛ්‍යාවකට සහ අක්කර 8000කට පමණ හානි සිදුව ඇතැයි ගණන් බලා ඇතැයිද අවධාරණය කළේය.

ඉහත සදහන් කළ භෝග වගා කරන ගොවි මහත්වරුන්ට වගා හානි සිදුව ඇති නම් සිය ප්‍රදේශයන්හි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සංවර්ධන හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී වගා හානිය පිළිබඳ දැනුවත් කළ හැකි බවද සදහන් කළේය.

එසේ නොමැති නම් ආසන්නම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වගා හානි දැනුම්දීමේ පොතේ තමන්ගේ වගා හානිය පිළිබදව සටහන් කරන ලෙසද පැවසුවේය. මෙම ක්‍රම

ම ඔස්සේ සිය වගා හානිය පිළිබඳව දැනුම්දිය නොහැකි ගොවි මහතුන්ට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අංක 1918 අමතා අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසද වැඩිදුරටත් පැවසුවේය.

මුල් අදියරේදී හඳුනාගත් වගා සහ ඉජම් සදහා වන්දි ලබාදීමට මෙලෙස මුදල් ප්‍රමාණ වෙන්කර ඇතැයිද ඉදිරියට ඇතැවිය හැකි තත්ත්වයන් අනූව තවත් සහන කටයුතුවල යෙදීමට රජය සූදානම් බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

END/GONP/MMP/01092026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *