ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමේ!
ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමූහික සාමාජයීය වගකීම් වැය ශීර්ෂය යටතේ ඊයේ (24) අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති M.D.C.A. පෙරේරා මහතා විසින් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් පෙරේරා මහතා වෙත ප්‍රදානය කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට, සීතාවක නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන U.L.H.පෙරේරා මහතා සහ නිරෝෂ් දයාරත්න මහතා, දිස්ත්‍රික් මහ රෝහලේ කාර්යය මණ්ඩලය ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.
END/GONP/MMP/25082026
