පාස්කු මහ නඩුවේ තීන්දුව 22!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙන­කුට එරෙ­හිව අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුවට දින නියම කරයි. ඒ අනුව නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 නිකුත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කලේය.විත්තියේ සාක්ෂි විභාගය අද (24) සවස 6.00ට අවසන් කල අතර ලිඛිත දේශන සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිතයි.

පැමි­ණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් 2309ක් සාක්ෂි ලබා දුන් අතර එහි අව­සාන සාක්ෂි ඉදි­රි­පත් කිරීමද ඉකුත් 17 අවසන් ­විය. ඒ අනුව වසර 5කට ආසන්න කාල­යක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කෙරුණු පැමි­ණිල්ලේ නඩුව නිමා විය.

නඩුවේ විත්තිකරුවෝ 25ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගියේය. ඒ අනුව විත්තිකරුවෝ 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන්හ.

මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන සෙසු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව විභාග වේ.

ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල මෙහෙ­ය­වයි.

පාස්කු ප්‍රහාර මාලා­වට අදාළ මහ නඩුවේ පැමි­ණිල්ලේ තීර­ණා­ත්මක සාක්ෂි විභාග කෙරෙන වර්ත­මාන තත්ත්වය සැල­කි­ල්ලට ගනි­මින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ ආර­ක්ෂාව වහාම ක්‍රියා­ත්මක වන පරිදි දැඩි කිරී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අනුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ ආර­ක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතු­රු­පැදි සංඛ්‍යාව ඉහළ නංවා ඇත.

මෙම නඩු විභා­ගය පැවැ­ත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරු­දින කොළඹ, මීග­මුව සහ මඩ­ක­ල­පුව ප්‍රදේ­ශ­වල පිහිටි කිතුනු දේව­ස්ථාන හා සංචා­රක හෝටල් ඉලක්ක කර­ග­නි­මින් එල්ල කෙරුණු මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙනි. මොහො­ම්මදු ඊබ්‍ර­හිම් මොහො­ම්මදු නව්ෆර් හෙවත් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව පවරා ඇත.

Copied: https://whatnews.lk/2026/08/24/easterattack0824/

END/WN/MMP/25082026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *