කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය හේතුවෙන් අත්හිටවූ ජලසැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපයුම යථාවත් කිරීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකි බවටයි සඳහන් වෙන්නේ.
