‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය

‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව, පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් වෙත පානීය ජලය සැපයීම ශ්රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන පසුගියදා(21) උතුරු නාවික විධානය මගින් ආරම්භ කර ඇත. පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත ආශ්රිත ජල මූලාශ්ර සිඳී යාමෙන් පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටී. ඒ අනුව, ඩෙල්ෆ්ට් දූපතේ සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීමේ අරමුණින්, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය මගින් මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.
ඒ යටතේ දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්රදේශයේ වෙසෙන පෝනි අශ්ව ගහනය සඳහා පානීය ජලය සැපයීම සිදු කෙරේ.
මේ අතර, යාපනය දිස්ත්රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්යතා සපුරාලීම සඳහා දූපත් ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ප්රජා ප්රති ආශ්රැත ජල පිරිපහදු මධ්යස්ථාන මගින් දෛනිකව පිරිසිදු පානීය ජලය සැපයීමටද නාවික හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටී.
END/GONP/MMP/25082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *