22 වන සංශෝධන පනත් කෙටුම්පතට අභියෝග කරන්න තවත් පෙත්සම් 02ක්!
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (21) තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත. මේ වන විට පෙත්සම් ගණන 13ක් ඊට එරෙහිව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එහෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
