මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
මෙරට මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ද ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාසගේ ප්‍රධානත්වයේ පැවැත්වුණා.
එහිදී තීරණය වි ඇත්තේ මෙරට සාගාරයේ ජීවත් වන මෝර විශේෂ ආරක්ෂා කිරීමට නාරා ආයතනය සමග එක්ව නව වැඩපිළිවෙළක් සකස් කිරීමටයි.
එමෙන්ම, බහුදින ධීවර යාත්‍රාවලට හසුවන සෑම මෝර මත්ස්‍යයකුම අල්ලාගත් ස්ථානයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා ගමන් කරන මාර්ගය නිවැරදිව හඳුනාගත හැකි වන පරිදි විධිමත් දත්ත එකතුවක් සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
