“ධනාත්මක චින්තනයෙන් යුතු වාසනාවන්ත සොදුරු පවුලක්” සදහා උපදේශන වැඩසටහනක් වඳුරඹදී – දමිත් සඳනුවන් කීර්ති
වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් සංව්ධානය කරන ලද “ධනාත්මක චින්තනයෙන් යුතු වාසනාවන්ත සොදුරු පවුලක්” සදහා උපදේශන වැඩසටහනක් පසුගියදා වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
වදුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ. එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල් අරුණි ප්‍රබෝධා මෙනවියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී අනූෂා කුමාරි හේවාගම මහත්මිය ව්සින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී
වැඩසටහන සදහා සම්පත්දායකත්වය ජේෂ්ඨ උපදේශන නිලධාරී වජිරා කුමාරි මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී අනූෂා කුමාරි හේවාගම මහත්මිය , වනිතා සංවර්ධන නිලධාරී ෂර්ම්ලා ජයරත්න මහත්මිය සහ සංවර්ධන නිලධාරී සජීවා ජයලත් පතිරණ අබේකෝන් මහත්මිය ව්සින් ලබා දෙන ලදී.
මේ අවස්ථාව සදහා පූර්ව ළමාව්ය දරුවන් සිටින දෙමාපියන් සහභාගී වූ අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සංවර්ධනය හා ධනාත්මක චින්තනය තුලින් ගෘහ ජීවිතය මනා ලෙස කළමනාකරණය කර ගැනීම අවශ්‍ය දැනුම මේ වැඩසටහන තුළින් ලබා දෙන ලදී.
