2027 පාසල් වාර සහ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාර හා නිවාඩු කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරය ජනවාරි 04 සිට අප්‍රේල් 09 දක්වාත්, දෙවන වාරය අප්‍රේල් 26 සිට ජූලි 30 දක්වාත් පැවැත්වෙන අතර, තෙවන වාරය අගෝස්තු 30 සිට දෙසැම්බර් 03 දක්වා පැවැත්වීමට නියමිතය.

2027 වසරේ පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, 12 ශ්‍රේණියේ නව පන්ති ජුනි 15 දින ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම 2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදීත්, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *