දකුණු ආසියාවේ හැමෝගෙම ආදරය දිනාගත් එකම රට ශ්‍රී ලංකාවයි!

අමෙරිකානු Pew Research Center විසින් නිකුත් කළ Spring 2026 Global Attitudes Survey වාර්තාවට අනුව, දකුණු ආසියානු කලාපයේ සමීක්ෂණයට ලක් කළ රටවල් අතරින්, අනෙකුත් රටවල ජනතාවගේ හිතකර මතය වඩා ඉහළින්ම පවතින එකම රට ශ්රී ලංකාව බව අනාවරණය වී තිබේ.
ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල ජනතාව තම කලාපීය අසල්වැසි රටවල් පිළිබඳ දක්වන ආකල්ප මෙම සමීක්ෂණය මගින් විශ්ලේෂණය කර ඇත.
මෙම සමීක්ෂණය සඳහා ශ්රී ලංකාවේ පුද්ගලයින් 2,513 දෙනෙකු ඇතුළුව රටවල් හතරක පුද්ගලයින් 8,000කට අධික පිරිසක් සම්බන්ධ කරගෙන ඇති අතර, 2026 පෙබරවාරි 8 සිට මැයි 7 දක්වා දත්ත රැස්කර තිබේ.
Pew Research Center සඳහන් කරන්නේ සමීක්ෂණයට ලක් කළ අනෙකුත් දකුණු ආසියානු රටවල් තුනේම ශ්රී ලංකාව පිළිබඳ හිතකර ආකල්ප අහිතකර ආකල්පවලට වඩා ඉහළ මට්ටමක පවතින බවයි.
එමෙන්ම, ඉන්දියාව පිළිබඳව ශ්රී ලංකාවේ ජනතාව අතරද ඉහළ ධනාත්මක ආකල්පයක් පවතින බව වාර්තාව අනාවරණය කරයි.
END/GONP/MMP/21082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *