දූෂණ විරෝධී සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීමේ අරමුණින් සංශෝධනය කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළාය.
මෙමඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයන් සඳහා අවශ්‍ය නෛතික පදනම ශක්තිමත් කිරීමටත්, පනත වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කෙරේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
