කීර්තිමත් ගීත රචකයෙකු සහ කතුවරයෙකු වූ රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වූහ!

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල දායකත්වයක් ලබා දුන් කීර්තිමත් ගීත රචකයෙකු සහ කතුවරයෙකු වූ රඹුකන සිද්ධාර්ථ හිමියන් අඟහරුවාදා (18) අපවත් වූහ.

උන්වහන්සේ අපවත් වන විට 76 වන වියේ පසුවූ අතර ගිලන්ව සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

1950 මැයි 22 වන දින දෙනියාය, රඹුකන ප්‍රදේශයේ උපත ලැබූ පූජ්‍ය සිද්ධාර්ථ හිමියන් 1963 දී බෞද්ධ පැවිදි දිවියට ඇතුළත් විය. උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරූ අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ උපාධියක් ද ලබා ගත්හ.

උන්වහන්සේගේ වඩාත් ජනප්‍රිය ගීත රචනා අතර “ලා දළු බෝපත්,” “මේ ඉර හඳ යට,” “බුදු හමුදුරුවෝ අපිත් දකින්නැති,” “වෙහෙරක් වගේ,” සහ “පන්සලේ පල්ලියේ” මෙන්ම ශ්‍රී ලාංකේය සංගීතය හා සංස්කෘතිය පොහොසත් කළ තවත් බොහෝ අමතක නොවන ගීත ඇතුළත් වේ.

END/MMP/20082026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *