හික්කඩුව නගර සභාව ඩිජිටල් කරනයෙන් පෙරමුණට – දමිත් සඳනුවන් කීර්ති
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද මාර්ගගත නිවාඩු කළමණාකරණ පද්ධතිය, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ මහතා විසින් පසුගියදා මෙසේ හික්කඩුව නගර සභාවේ ලේකම් එම්. අකිල සමීර ප්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදුවිය .
මෙම පද්ධතිය ස්ථාපිත කිරීමත් සමඟ මාර්ගගත නිවාඩු කළමණාකරණ පද්ධතියක් ස්ථාපිත කළ දකුණු පළාතේ පළමු නගර සභාව ලෙස හික්කඩුව නගර සභාව පත්ව ඇත.
තාක්ෂණය භාවිතයෙන් කාර්යාලීය ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම, විධිමත් හා වේගවත් කිරීමත්, සේවක නිවාඩු කළමණාකරණය පහසු කිරීමත් මෙම පද්ධතිය හරහා අපේක්ෂා කෙරේ.
