ප්‍රජාශක්ති දිළිඳු බව තුරන්කිරීමේ ජාතික වැඩසටහන යටතේ තේ වගා ව්‍යාපෘතික් – දමිත් සඳනුවන් කීර්ති
ප්‍රජාශක්ති දිළිඳු බව තුරන්කිරීමේ ජාතික වැඩසටහන යටතේ තේ වගා ව්‍යාපෘති සිදුකරනු ලබන වසම් වල ප්‍රතිලාභීන් සඳහා තේ පැළ ලබා දීමේ සමාරම්භක වැඩසටහන වඳුරඹදී

ප්‍රජාශක්ති වැඩසටහන යටතේ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය – බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම – 2026 යටතේ වඳුරඹ , ඉහලකීඹිය, ඉහලකීඹිය දකුණ, පිටිහරාව, කිරින්දලාහේන, කොකාවල යන වසම්වල ප්‍රතිලාභීන්ගේ සහභාගීත්වයෙන් තේ පැළ ලබා දීමේ සමාරම්භක වැඩසටහන (17දා) වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සංකේතාත්මකව පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා වඳුරඹ සම්බන්ධීකරණ කමිටු සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා , වඳුරඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ඉන්දික කුඩාහෙට්ටි මහතා, එම්.එච් සිසිර කුමාරරත්ත මහතා සහ ජී.එල් ප්‍රසාද් ඉන්දික මහතා, ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.එම්. නස්ලි මහතා , නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)සෙව්වන්දි එන්. රණවීර මහත්මිය ඇතුළුව අදාළ වසම් වලට අයත් ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් ද, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් ද සහභාගී වන ලදී.
ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන්.රණවීර මහත්මියගේ මඟපෙන්වීමෙන් කාර්යාලයේ ප්‍රජාශක්ති ඒකකයේ නිලධාරින් වන කුමුදු කුමාරි මිය හා ඩබ්.කේ.ජී. උපමාලි මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
