නීති විරෝධී ගිනි අවියක් සමඟ දඩයක්කරුවෙක් අත්අඩංගුවට – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයේ මාගෙදර කලුවලගල ප්‍රදේශයේ සතුන් දඬයම සඳහා යොදා ගත් බවට සැක මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ සැකකරුවෙක් (16දා) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.

යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ ඇති අතර එහිදී සඟවා තිබූ මෙම ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුගෙන් සිදුකරනු ලැබූ මූලික ප්‍රශ්න කිරීම් වලදී දැනට අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් නොවීම නිසා මෙම සැකකරු වරෙන්තුවක් ලබා සැඟව සිට ඇති පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *