ගාල්ල බන්ධනාගාර රුඳවියන්ට වොලිබෝල් ක්‍රීඩා පිටියක් – දමිත් සඳනුවන් කීර්ති

ගාල්ල බන්ධනාගාරයේ රඳවා ඇති රුඳවියන්ට ක්‍රීඩා කිරීම සඳහා සාමය හා දායව පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ බන්ධනාගාර සුබ සාධන සංගමයේ මැදිහත් වීම මත ඉදිකරන ලද වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීම (15දා) මෙසේ එම ස්ථානයේදී සිදුවිය.

මෙම අවස්ථාවට සිරකරු සුබසාධක සංගමයේ අනුශාසක ගාල්ල කලුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල ස්වාමින්වහන්සේ,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ රත්න ගමගේ යන මහත්වරුන් , සාමය හා දයාව ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය ඇතුළු එම පදනමේ නියෝජිතයන්,ගාල්ල බන්ධනාගාර අධිකාරි වසන්ත කුමාර ඩෙප් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්,සහකාර පොලිස් අධිකාරි දමයන්ති මහත්මිය ,සිරකරු සුබසාධක සංගමයේ කමිටු සාමාජිකයන්,ප්‍රකට ව්‍යාපාරික මහත්වරුන්, සාමය හා දයාව පදනමේ දකුණු පළාත් සම්බන්ධීකාර ජගත් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *