අධික වේගයෙන් පැමිණ ලොරියේ ගැටුණු යතුරුපැදිකරු එතැනම මරුට – ප්‍රසාද් පූර්ණමාල්

හලාවත, මාදම්පේ පොලිස් වසමට අයත් කාක්කපල්ලිය – මැදගම මාර්ගයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

අනතුර  (15) පස්වරු 7.00ට පමණ සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ තිවංක සම්පත් නමැති තරුණයෙකි.

බැකෝ යන්ත්‍ර රියදුරෙකු ලෙස සේවය කළ මියගිය තරුණයා අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කරමින් පැමිණ ලොරි රථයේ ගැටී ඇති බවට පොලිසියට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරට සම්බන්ධ ලොරි රථය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා කන්ටේනර් වර්ගයේ ලොරි රථයක් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *