ඉන්දීය නිදහස් දින සැමරුම් මහනුවර උත්සවය එම සහකාර මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී. – නදීක දයා බණ්ඩාර

ඉන්දීය අසූවැනි නිදහස් දින සැමරුමට සමගාමීව මහනුවර පිහිටි ඉන්දියානු සහකාර මහා කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ සැමරුම් උත්සවය එම කාර්යාල පරිශ්‍රයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.


ඒ ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය ධජය එසවීම සහකාර මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු අතර අනතුරුව ඉන්දීය ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය.  ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය පාසල් දරු දැරියන් අතර පවත්වන ලද දැනුම් තරඟ වලින් ජය ලැබූ දරු දැරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමද එම අවස්ථාවේදී සිදු විය.

 

භාරතීය නර්තන අංගවලින්ද සමන්විත වූ මෙම සැමරුම් උත්සවය සඳහා මල්වතු පාර්ශවය අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමි ඇතුළු මහා සංඝරත්නය ද
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ඇතුළු පිරිසක් එක් වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *