අභිරහස් යාත්‍රාවක් හලාවත ඉරණවිලට – ප්‍රසාද් පුර්ණමාල්
හලාවත ඉරණවිල වෙරළට ඉන්දියාවට අයත් බවට සැක කරන ධිවර යාත්‍රාවක් ගොඩ ගසා තිබෙනවා . මේ ධිවර යාත්‍රාව වෙරළේ ගල් වල ගැටීමකින් තොරව වෙරළට සේන්දු වී තිබෙන ආකාරය අනුව මෙහි කිසිවෙකු පැමිණෙන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පල කරයි .
අද (15) අලූයම මේ යාත්‍රාව වෙරළට පැමිණෙන්නට ඇති බවට සැක පල කරන ප්‍රදේශවාසින් මේ ප්‍රදේශයේ ධිවර යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රවාහනය තවදුරටත් සිදුවන බවට මේ සාක්ෂියක් බව පැවසිය .

මේ යාත්‍රාවේ *අරුන් * යන නම හා ලියාපදිංචි අංකයක් සදහන් වෙයි .මිට පෙරද මෙවැනි ආකාරයට වයබ භාටහිර වෙරල තිරයට ඉන්දියානු ධිවර යත්‍රා පැමිණ තිබේ .දිගින් අඩි විසි පහක් පමණ වන මේ යාත්‍රාව පළල අඩි හයක් පමණ වෙයි .මෙහි දැල් කැලි කීපයක්ද දක්නට ලැබිණි ,මෙහි එන්ජිමක් දක්නට නොලැබිණි .
ශ්‍රී ලංකා නාවික හමුදාව මේ යාත්‍රාවට ආරක්ෂාව ලබා දී තිබේ .
