බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්

ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීම සඳහා පැමිණ සිටි ඉන්දියානු ජාතික තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (13) රාත්‍රී 7.00 ට පමණ මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබෙනවා.

අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ප්‍රබල දිය රළකට හසුව මොහු මෙසේ අතුරුදහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ගූගල් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *