උසස් පෙළ ප්‍රශ්නපත්‍ර පිටවීමක් සිදු වී නැහැ – අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න
උසස්පෙළ විභාගයේ අද (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඇය විභාග අපේක්ෂකයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.
හෙටට නියමිත විෂය විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
විභාග කොමසාරිස් ජනරාල් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

