වඳුරඹ විශේෂ අවශ්‍යතා සහිත තරුණ දරුවන්ට සිහින ශ්‍රී ලංකාවෙන් සතුට ගෙනෙන වැඩසටහනක් – දමිත් සඳනුවන් කීර්ති

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. එම්. නස්ලි මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල්. අරුණි ප්‍රබෝධා මෙනවියගේ අධීක්ෂණයෙන්,
සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියත්මක කරනු ලබන විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් රැකියා ගත කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන “සිහින ශ්‍රී ලංකා” වැඩසටහන (11දින) වඳුරඹ මාබොටුවන විශේෂ අවශ්‍යතා සහිත වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයේදි පවත්වන ලදී.

සමාජ සේවා සංවර්ධන නිලධාරී ජානක සම්පත් මහතාගේ සම්බන්ධීකරණයෙන්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන පැවැත්විණි .මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත තරුණ ප්‍රජාව රැකියාගත කිරීම, රැකියාගත වු තරුණ තරුණියන්ගේ ගැටලු මෙන්ම අත්දැකීම් බෙදා හදා ගැනීම, ඒවා නිලධාරීන්ට යොමු කිරීම හා සතුටින් විනෝදයෙන් ගත කිරීම මෙහි අරමුණු විය.

 

 

 

 

මෙම වැඩස⁣ටහනේ ආරම්භයේ සිට අවසානය දක්වා වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ .එම්. නස්ලි මහතා රැඳී සිටිමින් තරුණ තරුණියන් දිරි ගන්වමින් ඔවුන්ගේ ආනාගතයට සුබ පැතුම් එක්කල අතර, වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිෂාන්ත ගනේආරච්චි මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය වන දිනුෂා තරංගනී මහත්මිය, ඒ.කේ.එස්. රසාදරි මහත්මිය සහ අනෙකුත් නිලධාරීන් සක්‍රීයව දායක වු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් උපදේශණ නිලධාරින් දෙදෙනා වන මේකලා සෙව්වන්දි මහත්මිය හා වජිරා කුමාරි මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන නිලධාරි අනුෂා හේවාගම මහත්මිය, පරිවාස සංවර්ධන නිලධාරි කේ.ඒ. රුවිනි ලසන්ති මහත්මිය, මෙම වැඩසටහන සඳහා සක්‍රීයව දායක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *