අලි ඇතුන්ගේ දිනය නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ වැඩසටහනටන් කීපයක් – වසන්ත රෝහණ සමරවර්ධන
අලි ඇතුන්ගේ දිනය(අගෝස්තු 12) නිමිත්තෙන්ඊට සමගාමීව රඹුක්කන ,පින්නවල අලි අනාථාගාරය( පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය) වැඩසටහනටන් කීපයක් පැවැත්විණි.

.පිරිමි සතුන්ගේ ලිංගික කාලය සක්‍රිය වීම හෙවත් මද කාලය තුල දම්වැල් වලින් බැදීම වෙනුවට නිදහස් පරිසරයක් ලෙස “අලි අරණ” සංකල්පය හඳුන්වා දෙන ලදි.එහි දෙවන අදියර විවෘත කරමින් පිරිමි සතෙකු මුදා හැරීම,.සියලුම අලි ඇතුන්ට කිරිබත්, පලතුරු ලබා දිම
,රුක් රෝපණ වැඩ සටහනක් සහ
කෑගල්ල සණස විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ වැඩසටහනක් ද
පවත්වන ලදි.
මෙම අවස්ථාවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකෂක ජනරාල් වෛද්‍ය රාජපක්ෂ , පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද තවත් සම්භාවනීය
අමුත්තන්ද, දේශීය විදේශිය සංචාරකයන්ද සහභාගි විය. 
