“මරණ දඬුවම” පැනවීමට සහාය නොදක්වන බවට කොළඹ අගරදගුරු හිමිගෙන් ප්‍රකාශයක්!

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා වන කැපවීම කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත තහවුරු කර ඇති අතර, මරණ දඬුවම පැනවීමට සහාය නොදක්වන බව ප්‍රකාශකර ඇත.

ඊයේ, අගෝස්තු 10 වන දින, නිවේදනයක් නිකුත් කරමින්, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, අගරදගුරු පදවිය වින්දිතයින් සමඟ “සම්පූර්ණ සහයෝගීතාවයෙන්” සිටින බවත්, මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ ප්‍රහාරවලට සම්බන්ධ සියලු පාර්ශවයන් හඳුනා ගැනීම දිගටම කරගෙන යන බවත්ය.

පූජනීය ස්ථානවල සහ අනෙකුත් ස්ථානවල සංවිධානාත්මක හෝ අන්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා අඛණ්ඩව උත්සාහ කරන ලෙස ද අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටි අතර, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට බලධාරීන්ට වගකීමක් ඇති බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, 2018 කතෝලික සභාවේ සංශෝධිත කැටකිස්මයේ 2267 ඡේදය යටතේ මරණ දඬුවම පිළිගත නොහැකි බවත්, එය මානව ගරුත්වය උල්ලංඝනය කරන බවත් අගරදගුරු හිමිපාණන් පැවසීය.

එබැවින් “මරණ දඬුවම පැනවීමට කතෝලික සභාව එකඟ නොවන බව”  අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රකාශයේ සඳහන් විය.

ඒ සමඟම, “ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති බවත් එහි සාකච්ඡා හෝ තීරණවලට ඇඟිලි ගැසීමට අදහස් නොකරන බවත්” අගරදගුරුතුමා අවධාරණය කළේය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුත් මෙම ප්‍රකාශයේ, කතෝලික සභාව පළිගැනීමක් අපේක්ෂා නොකරන බවත්, ස්ථාපිත නීති පද්ධති හරහා යුක්තිය, වගවීම සහ මහජන සාමය පවත්වා ගනිමින් සමාව ඉල්ලා හිටපු ශාන්ත ජෝන් පෝල් පාප්තුමාගේ ඉල්ලීම උපුටා දක්වමින් අවධාරණය කළේය.

  • මෙලනි මානෙල් පෙරේරා
END/STofAB/MMP/11082026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *