“උත්තම රුහිරු පූජා” ලේ දන්දීමේ වැඩසටහනක් යක්කලමුල්ලේ – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටියේදී හදිසියේ අභාවයට පත් ග්‍රාම නිලධාරීන් වන ලක්ෂ්මන් සහ ජනක යන ග්‍රාම නිලධාරීන් දෙදෙනා අනුස්මරණය කරනු වස් සංවිධානය කරනු ලබන “උත්තම රුහිරු පූජා” ලේ දන්දීමේ පින්කම පසුගියදා සාර්ථකව ලෙස මෙසේ දෙවන වරටත් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම ලේ දන්දීමේ පින්කම මුල්වරට 2025 වර්ෂයේ ආරම්භ කළ ඇති අතර එහිදී ලේ පරිත්‍යාගශිලීන් 117 දෙනෙක් රුධිරය පරිත්‍යාග කළ තිබූ අතර නමුත් මෙවර පැවති ලේ දන්දීමේ වැඩසටහනේදී රුධිර පරිත්‍යාගශිලීන් 134 දෙනෙක් පමණ රුධිරය පරිත්‍යාගය කිරීමට පැමිණ ඇත.

එසේම ගියවර පැවති මෙම රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහන 2026.06.24 දින කොළඹ BMICH හිදී පැවති ජාත්‍යන්තර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේදී වැඩිම රුධිර ප්‍රමාණයක් රැස් කර දෙමින් සාර්ථකව පැවැත්වු ලේ දන්දීමේ කඳවුරක් ලෙස සම්මානයටද පාත්‍ර ඇත.

 

 

 

 

මේ වසරේදී දෙවන වරටත් “උත්තම රුහිරු පූජා ලේ දන්දීමේ පින්කම” යක්කලමුල්ල ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කළ තිබුණේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජලී මෙනවියගේ අධීක්ෂණය යටතේය.

මෙවරද මෙම සත්කාරක වැඩසටහන ඉතා හොඳින් යක්කලමුල්ල ග්‍රාම නිලධාරී සංගමය ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රාහකත්වය හා සහයෝගය ඇතිව එම කාර්යාලයේ කාර්යාල නිලධාරීන්ගේද සහයෝගය මත සාර්ථකව සංවිධානය කළ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *