අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ

අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙක් බත්තුලුඔය පොලිස් මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම- කොළඹ ප්‍රධාන මාර්ගයේ බත්තුලුඔය 61 හංදිය මාර්ග බාදකයේ සිදු කල රථ වාහන පරීක්ෂාවකදී මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

මේ වාහනයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 17 ග්‍රෑම් 985 ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 22 හැවිරිදි කාන්තාවකි. මේ දෙදෙනා රාජාංගනය ප්‍රදේශයෙ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මේ ගංජා තණමල්විල ප්‍රදේශයේ වගා කරන ලද ගංජා බවට පොලිසිය සැක කරනවා.

සැකකරුවන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුන්දලම පොලිස් ස්ථානාංධිපති T.M.L රණවීර මහතාගේ උපදෙස් පරිදි පොකො 23916 කෝනාර පො.කො 78293 මේදිස් යන නිලදාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *