ලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.
1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අගෝස්තු (09) දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා.
ලෝකයේ රටවල් 90 ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476 ක් පමණ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ ඔවුන්ගේ බිම් මට්ටමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙම දිනය වෙන් කිරීමේ මූලික අරමුණයි.
මීට සමගාමීව ලොව විවිධ රටවල අද විවිධ සැමරුම් පැවැත්වෙන අතර, මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය දඹාන ආදිවාසී ගම්මානය මුල්කරගෙන පැවැත්වෙනවා.
අද පැවැත්වෙන ආදිවාසී දින සැමරුම සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පළ කරමින් කියා සිටියේ වනාන්තරවලට ඇතුළුවීමේදී තම ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
