රජා සහභාගීත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර – දමිත් සඳනුවන් කීර්ති

 

ප්‍රජා සහභාගීත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර “අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන ලෙස 221 වඳුරඹ සහ 221 වඳුරඹ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි (08) දින සිදු කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික කුඩාහෙට්ටි මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් මාගෙදර මහතා, වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ.එම් නස්ලි මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන්. රණවීර මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී .ජේ.ඒ.ආර් පතිරණ මහතා ඇතුළු කාර්යාලයේ නිලධාරීන්, වඳුරඹ ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.පී හේවගේ මහතා ඇතුළු නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා නියෝජිත විරාජ් මධුශංක අබේගුණවර්ධන මහතා හා අනෙකුත් රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන සහභාගීත්වයෙන් වඳුරඹ නගරය ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *