බංගමදී ස්කැවේටරයකට යටවී එහි රියදුරු මරුට – දමිත් සඳනුවන් කීර්ති
උඩුගම පොලිස් වසමේ බංගම ප්‍රදේශයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ස්කැවේටර් යන්ත්‍රයක් ලොරි රථයකට පටවමින් තිබියදී සිදුවූ හදිසි අනතුරකින් (08දා) එම රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව උඩුගම පොලිස් ස්ථානය කියයි.
මෙසේ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බංගම අක්කර අසූව ප්‍රදේශයේ පදිංචිව සිටී වයස අවුරුදු 68 ක් පමණ වන පුද්ගලයෙකි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මෙම ස්කැවේටර් යන්ත්‍රය ලොරි රථයකට පටවන අවස්ථාවේදී එය හදිසියේ පෙරළී යාමෙන් මෙම මාරාන්තික අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එසේම මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (09දා)ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
