යටියන්තොට ගුරු මැටියේ මාර්ගය ගිලා බසියි – වසන්ත රෝහණ සමරවර්ධන
යටියන්තොට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යටියන්තොට, පැලැන්පිටිය හරහා සීපෝත් මාර්ගයේ බෙරන්නාව ගුරු මැටිය ප්‍රදේශයේ (22 කිලෝ මීටර් කණුව ආසන්නයේ )මාර්ගයේ කොටසක් අද (5) අලුයම ගැලවී ගොස් තිබේ .මෙම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු වී තිබෙන අතර පැලැන්පිටිය ප්‍රදේශයේ මගේ ප්‍රවාහන ලංගම බස් රථ තුනක් හා පෞද්ගලික බස් රථ හතරක් යටියන්තොට දෙසට ධාවනය කිරීමට නොහැකි කොටුවීී තිබෙයි .යටියන්තට සිට එම මාර්ගයේ ගමන් කරන බස් රථ බෙරන්නාව දක්වා පමණක් ධාවනය කෙරෙයි. එමෙන්ම බෙරන්නාව ,පැලම්පිටිය,සීපෝත් වැනි ප්‍රදේශවල තේ දළු ප්‍රවාහන කරන ලොරි රථ වලටද මෙමගින් බාධාවෙයි.ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දිට්වා සුළි කුණාටු සමයේද මෙම ස්ථානය නායාමට ලක් වූ බවත් පසුව ප්‍රතිසංස්කරණය කල බවත්ය
