මධ්‍යම කඳුකරයට අදත් හෙටත් වැසි – හෙට පස්වරුවෙන් පසු වැසි තත්ත්වයේ අඩුවීමක්!
මධ්‍යම කඳුකරයට අද (03) රාත්‍රියේ සහ හෙට (04) දිනයේද වැසි ඇතිවිය හැකි අතර, හෙට දිවා කාලයෙන් පසු පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පැවසීය.
අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අගෝස්තු 06 වැනිදායින් පසු යළිත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවයි.
මේ වනවිට පැසිෆික් සාගරයේ ජපානයට දකුණින් සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවත්, එහි බලපෑම හේතුවෙන් අගෝස්තු 06 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය යළිත් වැඩිවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
