මහර බන්ධනාගාරය – දින 03ක් රැඳවියන් හමුවීම නවත්වයි!

මහර බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ සිට ඇතිවුණු කලබලකාරී තත්ත්වය හේතුකොට ගෙන සිදුවී ඇති අලාබහානී පිළිසකර කරගැනීමේ කටයුතු පවතින බැවින් හෙට :අගෝ 03- සිට දින තුනක් රැඳවියන් හමුවීම නවතා දමා ඇති බවත් යළිත් ලබන බ්‍රහස්පතින්දා – 06 වෙනි දා සිට සුපුරුදු පරිදි රැඳවියන් හමුවීම ආරම්භකරන බවත් මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති ප්‍රකාශ කළේය.

අද දින මහේස්ත්‍රාත්වරිය පැමිණ බන්ධනාගාරය තුළ අදාළ නිරීක්‍ෂණ කටයුතු සිදුකළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භකර ඇතැයි පැවසීය.

මහර බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ සිට ඇතිවුණු කලබලකාරී තත්ත්වය හේතුකොට ගෙන තුවාල ලබා රෝහල්ගත කර සිටින රැඳවියන්ගේ නාම ලේඛණයක් සහ කලබල ඇතිකිරීමට සම්බන්ධවූයේ යැයි සැකකර වෙනත් බන්ධනාගාර වෙත යවා ඇති රැඳවියන්ගේ නාම ලේඛණයක් බන්ධනාගාරයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර ඇතැයි බන්ධනාගාර  අධිකාරී රෝහණ ගලප්පත්ති මාධ්‍යට ප්‍රකාශ කළේය.

එසේ මාරුකර යවා ඇති රැඳවියන් සංඛ්‍යාව 104ක් වන අතර, හෙට :අගෝ 03- සිට දින තුනක් රැඳවියන් හමුවීම නවතා දමා ඇති බව ද රැඳවියන්ගේ ඥාතීන් කිසිඳූ ආකාරයකින් රැඳවියන් ගැන බිය සැක තබාගැනීම අවශ්‍ය නැති බව ද ඔහු දන්වා සිටියි.

ඊයේ හටගත් කලහකාරී සිද්ධිය හේතුවෙන්, විශාල වශයෙන් දේපල හානී සිදුවී ඇති අතර රැඳවියන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී එක් රැඳවියෙක් ජීවිතක්‍ෂයට පත්වි සිටින බව ද අධිකාරිවරයා පැවසීය.

  • මෙලනි මානෙල් පෙරේරා
END/MMP/02082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *