මහර බන්ධනාගාරයේ ගැටුමක්! මරණයක්!තුවාල ලත් පිරිසක් සහ විශාල දේපල හානියක්!!
මහර බන්ධනාගාරයේ ද ඊයේ – අගෝස්තු 01දා පස්වරුවේදී නොසන්සුන්තාවක් හටගෙන තිබුණු අතර එම නොසන්සුන්තාවය මූලික කරගෙන රැඳවියන් අතර ගැටුමක් වර්ධනය වී තිබූ බවත්, එහිදී රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා තිබූ අතර 01 රැඳවියෙක් ජීවිතක්‍ෂයට පත්වූ බවත් පොලීසිය ප්‍රකාශ කළා. විශාල වශයෙන් දේපල හානියක් ද සිදුව ඇත. මේ වන විට එම තත්ත්වය සමනය කර ඇත.
සෙනසුරාදා මහර බන්ධනාගාරයේ “රැඳවියන් විසින් ඇති කරන ලද එම නොසන්සුන්කාරී තත්ත්වය” හේතුවෙන් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සහ ඊයේ දිනයේ එනම් අගෝස්තු 01 දා විවෘත කර ඇති නව පුනරුත්ථාපන ගොඩනැගිල්ල “සම්පූර්ණයෙන් ම විනාශ කර ඇතැයි” බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක පැවසුවා.
එමෙන් ම පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල ද විනාශ කර ඇතැයි ඔහු පැවසුවා.
එපමණක් නොව, බන්ධනාගාර ඉදිකිරීමට යෝජිත නව කාර්යාල පරිශ්‍රයක තහඩු ආවරණ යොදා තාප්පය වෙන් කර ඇති ස්ථානයකට රැඳවියන් පැමිණ එයට පහර දුන් බවත්, එතැනින් පිටතට පැමිණීමට උත්සාහ කළ බවත්, ප්‍රධාන ගේට්ටුවට පහර දුන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඊයේ පස්වරුවේදී ඇරඹී මෙම “නොසන්සුන්කාරී තත්ත්වය” අද උදෑසන වන තෙක් ( අගෝ 02) පැවති බවත් බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට එම තත්ත්වය සමනය කර ඇති බව ඔහු කීවේය.
ඊයේ සවස 4ට පමණ ආරම්භ වූ මෙම තත්ත්වය අද අලුයම 5.00 දක්වා පැවති බවත්, ගිනි තැබීමෙන් බොහෝ දේපළ විනාශ වී ඇති බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීබීසී සිංහල පුවත් සේවයට පවසා ඇත.
එමෙන් ම මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට බස්නාහිර පළාතේ අනෙකුත් බන්ධනාගාරවල ද ආරක්ෂාව තහවුරු කර ඇති බව ඔහු ප්‍රකාශකර ඇත.
මෙම තත්ත්වය ඇති වන විට රිමාන්ඩ් සහ දඬුවම් නියම වී සිටි රැඳවියන් 4,100කට වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරය තුළ සිටි බව ද ඔහු පවසා ඇත.

Pix:Susantha-Ganemulla
END/MMP/02082026
