චෙම්මානි සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරේ කතෝලික පූජක – පැවිදි සංඝය පාරට 

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළ වන චෙම්මානි සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය රදගුරු පදවියේ කතෝලික පූජකවරු සහ කන්‍යා සොහොයුරියන් ජූලි 30 වන දින පාගමනක නිරත වූහ.  ඊට සමගාමීව, ‍ච‍ෙම්මනි සහ මාතල‍ේ සමූහ මිණිවළවල් සම්බන්ධ‍ය‍ෙන් ද නිසි පියවර ගනිමින් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා වත්මන් අණ්ඩුවට බලකර සිටි විර‍ෝධතාවක් එදිනම ‍ක‍ොළඹ දී ද පැවැත්විණි. එම විර‍ෝධතාවය කිතුණු පූජකයින් සහ සිවිල් සමාජ සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.  
 
යුක්තිය සහ සාමය පිළිබඳ කොමිසමේ සභාපති ගරු අන්තෝනිපිල්ලෙයි ඔගස්ටින් පියතුමාගේ නායකත්වයෙන් අරියාලෙයි හි ශාන්ත ජූඩ් තදේවුස් ප්‍රතිමාව ඉදිරිපිටින් ආරම්භ කළ සාමකාමී විරෝධතා පාගමනට යාපනය රදගුරු පදවියේ  පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් සිය දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර, චෙම්මනි සමූහ මිනීවළ පිහිටි ස්ථානය වන චෙම්මනි හන්දියට ගමන් කළහ. විරෝධතාකරුවන් – දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කළ ඔවුන්ගේ සෘජු ඉල්ලීම් සහිත පුවරු කිහිපයක් ඔසවාගෙන පා ගමනේ නිරත වූහ. “වගවීම සංහිඳියාව ගෙන එයි”, “චෙම්මනි සඳහා යුක්තිය – මනුෂ්‍යත්වය සඳහා යුක්තිය” ,”සත්‍යය භූමදාන කළ නොහැක”, “මියගිය අයට ගෞරවය ලැබිය යුතුය, ජීවත්ව සිටින අයට සත්‍යය ලැබිය යුතුය”, “සත්‍යය මතුකර ගැනීමට ඉඩ දෙන්න.”, “එක්සත් ජාතීන්ගේ සංවිධානය සත්‍යය ආරක්ෂා කරන්න! සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න!” යනාදී වශය‍ෙන් ඉංගීසි සහ දමිළ බසින් විර‍ෝධතා පුවරුවල සටහන් කර තිබුණි.
 
නිහඬ විරෝධතාව අවසානයේ, යාපනය රදගුරු පදවියේ යුක්තිය සහ සාම කොමිසම විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත යොමු කරන ලද අභියාචනා ලිපිය, පූජකවරුන් දෙදෙනෙකු විසින් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමෙන් පසු මාධ්‍ය වෙත නිකුත් කරන ලදී. 
 
යුක්තිය හා සාම කොමිසමේ සභාපති ඇන්තනිපිල්ලෙයි ඔගස්ටින් පියතුමා විසින් අභියාචනය කියවන ලද අතර, 2026 ජූලි 21 වන විට ළමා හා ළදරුවන්ගේ දේහයන් ඇතුළුව මිනිස් ඇටසැකිළි කට්ටල 454 ක් එම ස්ථානයෙන් සොයා ගෙන ඇති බව සදහන් කළ අතර, සත්‍යය තහවුරු කර , වගවීම සහතික කිරීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
 
මිනසෝටා ප්‍රොටෝකෝලය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මිනිස් දේහ කැණීම්, හඳුනා ගැනීම සහ සංරක්ෂණය කිරීම, ස්වාධීන DNA විශ්ලේෂණය, පවුල්වල සක්රී්ය සහභාගීත්වය සහ සාක්ෂිකරුවන් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ  ආරක්ෂාව සමඟ සිදු කරන ලෙස එය තවදුරටත් ඉල්ලා සිටියේය.
 
මන්නාරමේ සතොස භූමියෙන් හමු වූ සමූහ මිනීවළ අභිබවා, දිවයිනේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවළ බවට චෙම්මානි පත්ව ඇත. මෙම අවශේෂ අතර හිස්කබල් නොමැති ඇටසැකිලි සහ වැහි කබායක් පැළඳ සිටින දරුවෙකුගේ ඇටසැකිලි ද විය. අස්ථි සමඟම ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු සහ ළමා ඇඳුම් ද ගොඩගෙන තිබේ.
   
සංදේශයේ ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හත අතරට, නීතිවිරෝධී ලෙස සිදුවූ බවට සැක කෙරෙන මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා භාවිත කරන ජාත්‍යන්තර ප්‍රමිතිය වන මිනසෝටා ප්‍රොටෝකෝලයට අනුකූලව මිනීවළ කැණීම සහ දේහ අවශේෂ හඳුනාගැනීමේ කටයුතු සිදු කිරීම; ස්වාධීන ඪ්ණැ පරීක්ෂණ සහ විද්‍යාත්මක කාල නිර්ණය සඳහා සහාය ලබාදීම; පරීක්ෂකයන්ට හමුදා, පොලිස් සහ රැඳවුම් මධ්‍යස්ථානවල වාර්තාවලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීම; පවුල්වල සාමාජිකයන්, සාක්ෂිකරුවන්, නීතිඥවරුන් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම; සහ සාක්ෂිකරුවන් එවැනි ජාත්‍යන්තර මානව හිමිකම් මැදිහත්වීමකින් තොරව සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවන බැවින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ සෘජු සහභාගීත්වයක් යාපනය තුළ ස්ථාපිත කිරීම යන ඉල්ලීම් ඇතුළත් වේ.
 
මේ අතර, එම අවශ්‍යාතවය සහ ඉල්ලීම් සහිත තවත් විරෝධතාවක් ජූලි 30 දා කොළඹදී පැවැත්විණි. එය යුක්තිය සඳහා ජනතා බලය විසින් සංවිධානය කරන ලද අතර, ඊට  කොළඹ ක්‍රිස්තියානි පූජකවරුන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් සහභාගී වූූහ.

“2009 දී යුද්ධය අවසන් කිරීමට රජයට ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය උදව් කළහ. එසේ උදව් කළ යුරෝපීය සංගමය දැන් චෙම්මනි වෙත පැමිණ අපට යුක්තිය ස්ථාපිත කළ යුතු බව පවසමින් සිටී. මේ අවස්ථාවේදී, යුරෝපීය සංගමයට ගැලවුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණීම අවශ්‍ය නැත. වැළලී ඇති මිනිස් ඇටසැකිලිවලට හෝ එම මිනිසුන්ට යුක්තිය ප්‍රමාද වන බව අප තේරුම් ගත යුතුය. මේ නිසා අපි  එන්පීපී රජයට කියන්නේ – රජය ( ඔිනෑම රජයක්) විසින් සිදු කරන ලද අපරාධ වසන් කළ නොහැකි බවයි. ” මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා මාධ්‍ය අමතමින් ක‌ොළඹ විරෝධතාවයේ දී පැවසීය.
 
මාතලේ සමූහ මිනීවළෙන් ඇටකටු 154ක් පමණ හමු වූ නමුත් තවමත් ඒවාට යුක්තිය ඉටු වී නොමැත. චෙම්මනි සම්පූර්ණ ඇටසැකිලි 480ක් පමණ සොයා ගත් අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළ බවට පත්විය. එබැවින්, නොදන්නා මිනිසුන්ගෙන් පිරුණු මෙම විශාලතම සුසාන වළ වසා දැමිය නොහැක!

“ඉතින්, ජාත්‍යන්තර අවධානය යටතේ පවත්වන ලද සවිස්තරාත්මක පරීක්ෂණයක් හරහා මෙම සුසාන භූමියේ වැළලී සිටින මිනිසුන්ට සිදුවූයේ කුමක්දැයි අපි වහාම දැනගත යුතුයි.” ජීවන්ත පියතුමා.

   
තවද, ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “අතුරුදහන් කිරීමට බල කරන ලද ලක්ෂයක් පමණ ජනතාවට යුක්තිය ඉටු කළ යුතුයි! ඔවුන්ගේ පවුල් සඳහා යුක්තිය ඉටු කළ යුතුයි! දකුණේ සහ උතුරේ ජනතාව වන අපි, මීට යුක්තිය ඉටුවන තුරු අපි අත්හරින්නේ නැහැ; අපි හඬ නඟන බව කියන්න කැමතියි.” යැයි ජිවන්ත පියතුමා පැවසීය.
– මෙලනි මානෙල් පෙරේරා 
END/MMP/01082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *