SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානය අනුව මෙම SLS ප්‍රමිති සහතික ලාංඡනය අනිවාර්ය කර තිබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
ඒ අනුව, SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතිවිරෝධී බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
ඒ අනුව ඉකුත් (27) දින දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර බවත් එහිදී,
සාර්ථක වැටලීම් 98ක් සිදුකර එහිදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් අධිකාරියේ භාරයට ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
තවද එම වැටලීමේදී SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකකදී තහනම් කර තිබෙනවා.
2026 ජනවාරි සිට ජූනි දක්වා දිවයින පුරා කරන ලද විශේෂ වැටලීම් මගින් නඩු 53ක් ගොනු කර ඇති බවත්
හෙල්මට් 87ක් අධිකාරියේ භාරයට ගෙන ඇති බවත් නඩු 39ක් අවසන් කර ඇති අතර, නඩු 14ක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවත්වාගෙන යනු ලබන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිෂ්පාදකයන් සහ වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ වලංගු SLS බලපත්‍රයක් නොමැතිව හෙල්මට් නිෂ්පාදනය නොකරන ලෙසත් ආනයනකරුවන්, බෙදාහරින්නන්, තොග හා සිල්ලර වෙළෙඳුන්, ජංගම වෙළෙඳුන් සහ Online වෙළෙඳුන් ඇතුලු සියලුම වෙළෙඳ පාර්ශ්ව විසින් SLS ලාංඡනය නොමැති හෙල්මට් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීමෙන් වළකින ලෙසයි.
එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ
අඩු මිල පමණක් සලකා SLS ලාංඡනය නොමැති, බාල තත්ත්වයේ හෙල්මට් මිලදී ගැනීමෙන් සහ භාවිත කිරීමෙන් වළකින ලෙසත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් එකක් අනතුරකදී ඔබේ ජීවිතය ආරක්ෂා නොකරනු ඇත.
එහි ප්‍රතිවිපාක ඔබට පමණක් නොව ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ හිතමිතුරන්ටද බලපාන බවයි.
තවද හෙල්මට් එකක් මිලදී ගැනීමට පෙර SLS ලාංඡනය පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්නා ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා .
SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
