දුන්හිඳ දිය ඇල්ල සඳහා නව නැරඹුම් මධ්‍යස්ථානයක්!

බදුල්ල, සොරණතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනප්‍රිය දුන්හිඳ ඇල්ලේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 27 වැනිදා නිල වශයෙන් ආරම්භ විය.

ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් අනුමත කර අැති රුපියල් මිලියන 20 ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මගින් වසර 50 කට වඩා පැරණි සහ දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් වේදිකාව නව පහසුකම් සහිතව ප්‍රතිස්ථාපනය කෙරේ.

නව නැරඹුම් මධ්‍යස්ථානය දේශීය හා විදේශීය සංචාරකයින්ට ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ නැරඹුම් අත්දැකීමක් සහ වැඩිදියුණු කළ නරඹන්නන්ගේ යටිතල පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නරඹන්නන්ගේ ආරක්ෂාව සහ පහසුව සහතික කරමින් ඌව පළාතේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. මෙම අවස්ථාවට සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න මහතා, දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

END/MMP/30072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *