දකුණේ හොඳම සා:පෙළ විභාගයේ ප්‍රතිඵල අති දුෂ්කර තෙල්ලඹුර ඉහළ නාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් – ඩී.එස්.කීර්ති

දකුණේ හොඳම සා:පෙළ විභාගයේ ප්‍රතිඵල අති දුෂ්කර තෙල්ලඹුර ඉහළ නාවල කනිෂ්ඨ විද්‍යාලයෙන්.

සා:පෙළ විභාගයට පෙනී සිටී සිසුන් දහතුන්දෙනාම උසස් පෙළට ඉහළින්ම සමත්.

ඒ අතර A නවයක් ගත් සිසුන් තුන්දෙනෙක්.

විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු පාසල් වෙලාවෙන් පසුවත් සවස සහ රාත්‍රී ඉගැන්වීම් සිදුකරලා.

පාසලටම තියෙන්නේ පන්ති ශාලා දෙකයි,පුස්තකාල,විද්‍යාගාර,අන්තර්ජාල පහසුකම් ඇත්තේම නැත.

පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ⁣ඉහළ තෙල්ලඹුර ප්‍රදේශයේ අති දුෂ්කර ගා/ නාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් 2025/2026 වර්ෂ වෙනුවෙන් අ:පෙ:ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටී සිසු සිසුවියෝ දහතුන්දෙනාම සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් සපුරා ඇති අතර එම සිසුන් පිරිස අතර A9 සාමාර්ථ ලබාගත් සිසුන් තිදෙනෙක් සිටින අතර ඔහුන් සියලුම දෙනා පිළිගැනීම සඳහා උත්සවයක් මෙසේ (03දා) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

උඩුගම අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ඉතාම අඩුපහසුකම් සහිත විවිධ දුෂ්කරතා රැසක් යටතේ පවත්වාගෙන යනු ලබන මෙම විද්‍යාලය 1933 වර්ෂයේදී පමණ ආරම්භ කළා ඇති අතර පසුගිය දශය කිහිපයක සිට මෙම ප්‍රදේශයේ දෙමාපියන්ගේ දරුවන් ප්‍රදේශයේ ඇති ප්‍රධාන පාසල් වෙත ඇතුළත් වීමත් මෙම විද්‍යාලයට ඇතුළත් කළ ගන්නා සිසුන් ප්‍රමාණය අවම වීමත් සමඟ වැසීයෑමේ තර්ජනයට ලක්ව ඇති මෙම පාසලේ 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වුනත් මේවන විට මෙම විද්‍යාලයේ සිටිනා සිසුන් ප්‍රමාණය 48 දෙනෙකු දක්වා සීමා වී ඇත.

ඒ අතර පසුගිය දින පැවති අ:පො:ස සාමාන්‍ය පෙළ විභාගයට මෙම විද්‍යාලයෙන් පෙනී සිටී සිසු සිසුවියන් දහතුන්දෙනාම ඉතා ඉහළ සාමාර්ථ ලබා ගනිමින් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් සපුරා ඇති අතර ඒ අතරින් සිසුන් තුන් දෙනෙකු A සාමාර්ථ නවයක් බැගින් ලබාගෙන විශිෂ්ඨ ලෙස අ:පො:ස සාමාන්‍ය පෙළ සමත් වී ඇත.

මේවන විට විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙද බී.ජී.සුරවීර මහතා කටයුතු කරන අතර එම විදුහල්පතිවරයාගේ මැදිහත් වීම මත සිය ගුරුමණ්ඩලය සමඟ සැලසුම් සහගතව මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ලබා ගන්නා තෙක් මෙහෙයවා ඇති අතර විශේෂයෙන් පාසල් වෙලාවෙන් පසුව සවස් කාලයේ සහ රාත්‍රී කාලය තුළ පවා මෙම සිසුන්ට අවශ්‍ය පන්ති පවත්වමින් ඒ සඳහා යක්කලමුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එච්.ඒ.අතුල සිරිලාල් මහතගේ ඝෘජු මැදිහත්වීම ලබා ගනිමින් මෙම විද්‍යාලයේ සිටිනා ගුරුවරුනගෙේ උපරීම දායකත්වය සහ බෞද්ධ ධර්මය ඇතුළු විෂයන් ඉගැන්වීම සඳහා වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරස්ථානය විහාරාධිපති යක්කලමුල්ල උඩුමලගල ආදිච්චිවංශ පිරිවෙනේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වල්පොළ ගුණරතන නායක ස්වාමින්වහන්සේගේ, කොඩිගල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති උඩුමලගල ආදිච්චිවංශ පිරිවෙනේ ආචාර්ය දර්ශනයපති පූජ්‍ය කොට්ටවගම ධම්මජෝති ස්වාමින්වහන්සේ,එම්.අයි.ජී.පුෂ්පකුමාර,ප්‍රදීප් ශ්‍රී කාන්ත,අජිත් වීරසිංහ,දර්ශන මද්දගේ,ප්‍රේමලාල් යන ගුරුවරු සහ රුවිනි හපුතන්ත්‍රී මෙනවිය සම්බන්ධ කරගනිමින් විද්‍යාලයේ ගුරුවරුන්ගේ කාලය,ශ්‍රමය,ධනය කැප කරමින් දැඩි කැපවීමක් සිදුකරමින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

එසේම මෙම පාසලේ දැනට පන්ති ශාලා ගොඩනැගිල්ල දෙකක් පමණක් ඇති අතර ඒ අතරින් ප්‍රධාන ශාලාවේ වහලට යොදාගෙන ඇත්තේ ටකරන්ය.එසේම දැනට මෙම විද්‍යාලයේ පුස්තකාලයක්,විද්‍යාගාරයක් හෝ අන්තර්ජාල පහසුකම් නොමැත.

මෙම උත්සවය සභාව අමතමින් මෙම විද්‍යාලයේ විදුහල්පති බී.ජී.සුරවීර මහතා ප්‍රථමික අධ්‍යාපන කටයුතු වලදී සුනිලා විජේවික්‍රම ගුරුතුමිය ඇතුළු මෙම විද්‍යාලයේ එවකට සිටී පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ හිටපු විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ටද මෙම සුවිශේෂි ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතු බවද මෙම සුවිශේෂි ජයග්‍රහණය සඳහා උඩුගම අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ අශානි කොඩිතුවක්කු මහත්මිය සහ යක්කලමුල්ල අධ්‍යාපන කොට්ඨාස අධ්‍යාපන ටී.එච්.ඒ.අතුල සිරිලාල් මහතාද පූර්ණ දායකත්වය ලැබුණු බවද ⁣පැවසීය.

එසේම මෙම විද්‍යාලයේ දැනට පවතින භෞතික සම්පත් සහ ගොඩනැගිලි ගැටලු කඩිනමින් විසදෙන්නේනම් ඉදිරි කාලය තුළදී වැඩි සිසුන් පිරිසක් මෙම විද්‍යාලයට අධ්‍යාපන ලැබීම සඳහා යොමුවෙනු ඇති බවද මෙම උත්සව අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් විදුහල්පති බී.ජී.සුරවීර මහතා පැවසීය.

එසේම පසුගිය කාලය තුළ මෙම විද්‍යාලයට අවශ්‍ය පානීය ජලය ඇතුළු විද්‍යාලයට අවශ්‍ය තවත් පහසුකම් සිය දේශිය සහ විදේශීය පරිත්‍යාගශිලීන්ගෙන් ලබාදෙමින් අවශ්‍ය සහය යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජලී මෙනවිය විසින් සපුරාදී තිබිණි .

ඒ අනුව මෙම විශිෂ්ඨ විභාග ප්‍රතිළුලක් සමඟ මෙම විද්‍යාලය දකුණු පළාතේ මෙවර විශිෂ්ටතම විභාග ප්‍රතිඵලය ලබාගත් පාසල බවට පත්ව ඇති බවත් මෙම සිසුන් දහතුන්දෙනාම තවත් වසර දෙකක කාලයකින් පසු විශ්වවිද්‍යාල වරම් දිනාගනු ඇති බවත් මෙම උත්සව සභාව අමතමින් යක්කලමුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එච්.ඒ.අතුල සිරිලාල් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව සභාවට තෙල්ලඹුර පුෂ්පාරාම පුරාණ විහාරයේ විහාරාධිපති යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකධීකාරී පූජ්‍ය පලල්ලේ සරණජෝති නායක ස්වාමින්වහන්සේ,මාකුඹුර කොඩිගල කන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුමලගල ආදිච්චිවංශ පිරිවෙනේ ආචාර්ය කොට්ටවගම ධම්මජෝති ස්වාමින්වහන්සේ.යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජලී මෙනවිය,අවට පාසල් වල විදුහල්පතිවරුන් ප්‍රාදේශීය ප්‍රජා සමිති නියෝජනය කරමින් ප්‍රජා නායකයින්.රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *