හලාවත මාධ්‍යවේදී ගුණරත්න නික්ම යයි
හ
ලේක්හවුස් පුවත්පත් සමුහයේ මාදම්පේ සමුහ වාර්තාකරු වශයෙන් කටයුතු කල ඒ.පී ගුණරත්න මහතා අභාවප්‍රාප්ත විය.වසර 30 කට අධික කාලයක්
මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කල ඒ මහතා වකුගඩු රෝගය සඳහා හලාවත මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී දිවියෙන් සමූ ගෙන ඇත.
බිංගිරිය වැල්ලරාව මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ ගුණරත්න මහතා විශ්‍රාමික සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකි. දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ප්‍රදේශයේ
ප්‍රකට සමාජ සේවයකු වූ ඒ මහතා මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරයෙකී.
ලේක්හවුස් ආයතනයේ දිනමිණ ,බුදුසරණ ,මිහිර ඇතුළු ලේක්හවුස් ආයතනයේ සියලුම පුවත් පත් වලට ලිපි ලිවිම ඔහුගේ විනෝදාංශය විය . ප්‍රදේශයේ ආගමික ස්ථාන
,පාසල් ඇතුළු ආයතන වල විශේෂ අවස්ථාවන් අලලා ලිපි ,විශේෂාංග සකස් කාර අදාළ පුවත් පත් වලට යොමු කිරීමද ගුණරත්න මහතා ඉතා උවමනාවෙන් කල
කාර්යකි . වසර දෙකකට වැඩි කාලයක් ඉතා අසාධ්‍ය තත්වයේ සිටියත් සියලුම කාරයයන් අමතක කර පුවත් පතට ලිවීමට කටයුතු කැරිණි .
පාසල් යන අවධියේ මිහිර පුවත්පතට ලිපි ලියා මාධ්‍ය ජීවිතය ආරම්භ කල ගුණරත්න මහතා පසුව 1990 අග භාගයේ සිට ලේක්හවුස් ආයතනයේ මාදම්පේ සමුහ
වාර්තාකරු ලෙස ස්ථිර මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇත .
මියයන විට ඒ මහතා 61 වන වියේ පසුවිය
30 පස්වරු 04 වන තෙක් ඒ මහතාගේ දේහය හලාවත විලත්තව පිහිටි ඒ මහතාගේ නිවසේ තන්පත් කර තිබේ .
ආදාහන කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සවස 4.00 ට හලාවත පුංචිවිලත්තව පොදු සුසනභුමියේදී සිදු කෙරේ
