වෙරළ තීරයේ සෆින් (දියමත ලිස්සා යෑමේ නිරත) 200 කට රැකියා අහමිවීමේ අවදානමක් – ඩී.එස්.කීර්ති.
නිසි කසළ කළමනාකරණයක් නොමැති කමින් දකුණට සුවිශේෂි ගාල්ලේ දෙවට මුහුදු තීරය දේශීය සහ විදේශීය සංචාරකයන් ප්‍රතික්ෂේප කරන සංචාරක කලාපයක් වෙයිද ?
මෙම තත්ත්වය නිසා වෙරළ තීරයේ සෆින් (දියමත ලිස්සා යෑමේ නිරත) 200 කට රැකියා අහමිවීමේ අවදානමක්.
ගැටලුව ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සෆින් රැකියාවේ නිරත පිරිස් සහ අදාළ රාජ්‍ය ආයතන වල නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්.
ඵෙතිහාසික ගාල්ල කොටු පවුරට සහ රූමස්සල වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය සෆින් (මුහුදේ දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදීමට දකුණු පළාතේ පිහිටි හොඳම මුහුදු තීරය වන දෙවට මුහුදු තීරයට දැනට කලක සිට අවිධිමත් ලෙස බැහැර කරනා කැසි කසළ සහ ඉවත දමන සත්ව කොටස් නිසා දැඩිලෙස දූෂණය වීම නිසා මෙම ස්වාභාවික මුහුදු තීරය විනාශයට පත්වන බවත් මෙම තත්ත්වය නිසා මෙම මුහුදු කලාපයේ මෙම රැකියාවේ නිරත 200කට වඩා වැඩි පිරිසක් සහ හික්කඩුවේ සිට වැලිගම ප්‍රදේශය දක්වා මුහුදු රළ ඉහළ යන කාල වල මෙම දෙවට ප්‍රදේශයට පැමිණ සෆින් රැකියාවේ නිරත 600ක පමණ පිරිසකට රැකියාව අහිමි වන බවට එම පිරිස විසින් ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට යොමු කරන ලද පැමිණිල්ලකට අනුව එම ආයතනයේ සම්බන්ධීකරණයෙන් එම ස්ථානයේ රැකියාවේ නිරිත පිරිස සහ අදාළ රාජ්‍ය නිලධාරීන් අතර හමුවක් (28දා) සවස දෙවැට the shack beach අවන්හලේදී පැවැත්විණි.

එහිදී අදාළ රැකියා වල නිරත පිරිස් සිය ජීවන වෘත්තීය වන දියමත ලිස්සා යෑමට දකුණු පළාතේ ඇති මෙම ස්ථානය සුවිශේෂි ස්ථානයක් බවත්.මෙම ගාල්ල දෙවට වෙරළ තීරයේ පරිසරි පද්ධතියම මෙි වනවිට අනවසර හා අවසර නොලත් මස් වෙළෙන්දන් විසින් විනාශ කරමින් පවතින බවත් එම නිසා මේවන විට මෙම වෙරළ කලාපයට දේශීය සහ විශේෂයෙන් විදේශීය සංචාරකයන් පැමිණීම මේවන විට ශීඝ්‍රයෙන් පහත වැඩෙමින් පවතින බවත් පැවසීය.
එසේම මීට පෙර මෙම ගැටලු ගැන අදාළ රාජ්‍ය ආයතන නිරන්තරයෙන් දැනුවත් කළත් මෙම ගැටලුව සඳහා කෙටි කාලීනව යම් යම් පියවර ගනු ලැබූවද මෙම පරිසරික විනාශයට වගකිය යුතු පාර්ශව දිගින් දිගටම මෙම පාරිසරික විනාශය සිදුකරමින් පවතින බවත් මෙම ගැටලුව දීර්ඝ කාලීන ලෙස විසඳාගැනීම වෙනුවෙන් අදාළ ආයතන මැදිහත් සිදුකරනා ලෙසක් මෙහිදී අදාළ රජයේ පාර්ශව වලින් මෙම පිරිස මෙහිදී ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ සඳුන් වික්‍රමසිංහ මහතා (මීපා ආයතනය )අදහස් දක්වමින් එම ආයතනය ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ කලාපය කේන්ද්‍රකරගනිමින් විවිධ වැඩසටහන් නිරන්තරයෙන් සිදුකරනා බවත් ඒ බව මෙම ස්ථානයේ සිටිනා පිරිස දන්නා බවත් දෙවට ප්‍රදේශයයේ දැනට වසර කිහිපයක සිට මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගන්න අවශ්‍ය විවිධ වැඩසටහන් සිදුකරනා බවත්.
නමුත් දැනට මෙම රැකියාවේ නිරත පිරිසට මුහුණ දීමට සිදුවී ඇති කනගාටුදායක තත්ත්වය සහ මෙම සංවේදී පරිසර පද්ධතියට සිදුවන විනාශය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ අවස්ථ කිහිපයකදී සාකච්ඡා කළ එම ආයතන කටයුතු කළ යුතු ආකාරය ගැන දැනුවත් කළත් එම ආයතන දිගින් දිගටම මෙම වැරදි සිදුකරන්නේනම් ඉදිරි කාලය තුළ නීතිය උපරීම මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා බවත්.
විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙසේ මැදිහත් වී මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මැදිහත් වීම පිළිබඳව සහ මෙම තරුණ පිරිස උද්ඝෝෂණ මාර්ග වෙනි මහජනතාව පීඩාවට පත්වන ක්‍රියාමාර්ග වලට නොගොස් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කිරීම ගැන තමන් අදාළ පාර්ශව වලට ස්තූතියි කරනා බවත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,හේල්ප් -ඕ ආයතනය,මානව සෝබා සංවර්ධන පදනම, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,දක්ෂිණ ශ්‍රමිකා මධ්‍යස්ථානය,ගාල්ල වරාය පොලිස් ස්ථානය,ප්‍රජා පොලිස් ඒකකය,ගාල්ල මහ නගර සභාව, ගැමි කාන්තා පෙරමුණ ඇතුළු රජයේ සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් සහ මෙම ස්ථානයේ රැකියාවේ නිරත පිරිස එක්ව සිටියහ.
