ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

මේ වසරේ දකින්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සහ හෙට (30) අළුයම් කාලයේදී ශ්‍රී ලංකා වාසීන්ට දැකගැනීමට හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

මෙය කුම්භ නමැති තාරුකා රාශියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව දකින්නට ලැබෙන බවයි ඔහු පවසන්නේ.

මෙහිදී පැයකට උල්කාපාත 20-25 දකින්නට හැකි බවත් රාත්‍රී කාලය පුරාම එය නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *