තලවකැලේ – නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ අද (27) අළුයම සිට පැවති වර්ෂාව සහ ඝන මීදුම් හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මෙම ඝන මීදුම් තත්ත්වය හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මෙන්ම අතුරු මාර්ග රැසකද ව්‍යාප්ත වී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ හේතුවෙන් මාර්ගයේ ඉදිරිය පෙනෙන ප්‍රමාණය අඩුවී ඇති බැවින්, අනතුරු වළක්වා ගැනීම සඳහා සියලුම රියැදුරන් වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන්නැයි පොලිසිය දැනුම් දෙනවා.
මේ අතර සෙමින් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි හැටන් පොලිසියේ රථවාහන අංශය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
