ජාතික සුපිලිපන් දිවුරුම දෙන්න පුත්තලමේ රාජ්‍ය ආයතන එක් වෙයි – ප්‍රසාද් පුර්ණමාල්

 

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම්
කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.

“ජාතික සුපිලිපන් සතිය” අද පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිලිපන් දිවුරුම’ ලබා දීම සහ ‘ආචාර
ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම
දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

මෙහිදී ‘සුපිලිපන්භාවය’ (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.

ඒ අනුව මෙම ජාතික සුපිලිපන් සතිය පහත පරිදි සැලසුම් කර තිබේ.

මෙයට සමගාමිව ඊයේ 27 පුත්තලම දිස්ත්‍රික්කයේද රාජ්‍ය ආයතන වල මේ වැඩසටහන ආරම්භ කැරිණි . හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් අත්තනායක
මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත මහ රෝහලේ ‘ජාතික සුපිලිපන් දිවුරුම’ ලබා දුන් අයුරු හා නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ
ප්‍රධානත්වයෙන් මාරවිල පොලිස් ස්ථානයේදී පැවති වැඩසටහන මෙහි දැක්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *