නඩු කටයුතු අවසන්වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න තොගයක් විනාශකරයි!
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම් 478 ක් මෙන්ම නොයෙක් ප්‍රදේශවල ගරු අධිකරණ මගින් විභාග කළ නඩු කටයුතු 208 ක් අවසන්ව එම නඩු කටයුතුවලට අදාලව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මත්‍ද්‍රව්‍ය ප්‍රමාණයක් දවා විනාශකිරීම සඳහා අද දින, එනම් 2026.07.25 වන අද දින උදෑසන පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන යන ලදී.
මත්ද්‍රව්‍ය තොග දවා විනාශකිරීමේ ක්‍රියාවලිය රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ සිදුකෙරේ.

