සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළට
ලංකා සතොස ආයතනය විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළා තිබෙනවා.
ඒ අනුව රතු ළූණු කිලෝවක් රුපියල් 71කින්, රතු පරිප්පු රුපියල් 18කින් සහ කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 08කින්, පහත දමා ඇති බවයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ.
මීට අමතරව රතු කැකුළු සහල්, බී ළූණු, අර්තාපල්, දේශීය නාඩු සහල්, සුදු සීනි, තිරිගු පිටි, ටින් මාළු මිල ද පහත දමා තිබෙනවා.
දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ.
