මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ට දැනුම්දීමක්

2024/25 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ගේ මාර්ගගත ලියාපදිංචිය ලබන 17 වනදායින් අවසන්වීමට නියමිත බව ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කළේ, අදාළ ප්‍රතිලාභය සඳහා අවසන් තේරීම් ලේඛන අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව එහි නම් ඇතුළත් සිසුන් අගෝස්තු 17 වන දිනට පෙර https://mahapola.lk/BankApp2025/ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුය.

2024/25 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්‍යත්වය සඳහා තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *