අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) විවාදයට ගැනීමට නියමිතයි.

පෙරේදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය අද පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

මේ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුවන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *