මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්
ගම්පොළ නගරයේ පාසලක සිසුවෙක් ගම්පොළ උඩෝවිට අසල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව ඇති බව ගම්පොල පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
පාසල නිමවී නිවසට පැමිණ සිය සහෝදරයා සහ තවත් සිසුවෙක් සමග ඊයේ (22) මෙසේ ගඟ වෙත ගොස් තිබෙනවා.
මොවුන් දියනෑ ස්ථානයේ වැලි ගොඩ දැමීමෙන් අඩි ගණනාවක ගැඹුරක් සෑදී ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, එම ස්ථානයේ දිය පහරද වැඩි බවටයි වාර්තා වෙන්නේ.
ඊයේ රාත්‍රිය වන තුරුම ප්‍රදේශවාසීන් මොහු සොයා වෙහෙසන අතර හමුනොවූ බව සඳහන්.
ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අද දිනයේ නාවික හමුදාව ගෙන්වා කිමිදුම්කරුවන් මගින් මෙම සිසුවා සෙවීමට කටයුතු කරන බවයි.
